පලස්තීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.
කටාර් රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති ධුරය ශ්‍රී ලංකාවට.
1976 වසරේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 31 වැනි සැසිවාරයේදී හැමිල්ටන් ෂර්ලි අමරසිංහ මහතා එහි සභාපතිවරයා වශයෙන් පත් කෙරිණි.
ශ්‍රී ලංකාව 5 වැනි නොබැඳි ජාතීන්ගේ සමුළුවේ සත්කාරකත්වය දරයි.
නොබැඳි ජාතීන්ගේ සමුළුව පැවැත්වෙයි.
දකුණු කොරියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.
1977 නොවැම්බර් 14 වැනි දින කොරියානු ජනරජය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹිණි.
ශ්‍රී ලංකාව නිරායුධකරණයට සහය දෙයි.
න්‍යෂ්ටික අවිවලට, සුළු අවිවලට සහ අභ්‍යවකාශයේ කෙරෙන අවි තරගයට එරෙහිව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ විශේෂ සැසිවාරයක් පැවැත්විය යුතු යැයි ශ්‍රී ලංකාව යෝජනා කළේය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.
1979 ජූනි මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කෙරිණි.
බංග්ලාදේශයේ ඨකා නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විවෘත කිරීම.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.
මාලදිවයිනේ මාලේ නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විවෘත කිරීම.
ඕමානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.