එක්සත් ජාතීන්ගේ මහලේකම් ඌ තාන්ට් මහතා සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර 1967 අප්‍රේල් 10 වැනි දින කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය විවෘත කළේය.
1970 ජූලි 27 වැනි දින සිංගප්පූරු ජනරජය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කරන ලදී.
1971 පෙබරවාරි 19 වැනි දින කුවේට් රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කරන ලදී.
ඉතියෝපියානු ෆෙඩරල් ජනරජය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කෙරිණි.
සාමුද්‍රීය නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ තුන්වැනි සමුළුවේ සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකාවේ හැමිල්ටන් ෂර්ලි අමරසිංහ මහතා පත් කරනු ලැබිණි. ලෝකයේ සාගර භාවිතා කිරීමේදී රටවල් සතු අයිතීන් සහ වගකීම් නිර්වචනය කෙරෙන වැදගත් ලේඛනයක් වන සාමුද්‍රීය නීතිය පිළිබඳ සම්මුතිය නිර්මාණය වූයේ මෙම සමුළුවේ ප්‍රතිඵලයක් ලෙසය.


