Ministry News
ශ්‍රී ලංකාව සහ උස්බෙකිස්තානය ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා නව යාන්ත්‍රණයක් ආරම්භ කරයි
ප්‍රකාශිත දිනය
Sri Lanka and Uzbekistan Launch New Framework for Enhanced Bilateral Cooperation through Inaugural Political Consultations


ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ උස්බෙකිස්තාන ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර පළමු දේශපාලන උපදේශන වටය 2026 ජූලි 09 වැනි දින උස්බෙකිස්තානයේ ටෂ්කෙන්ට් නුවරදී පැවැත්වූ අතර, එය දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රශීලී සබඳතාවල වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.

දෙරටේ අමාත්‍යාංශ දෙක අතර ක්‍රමික ද්විපාර්ශ්වික සංවාදයක් සහ වැඩිදියුණු කළ සහයෝගීතාවක් සඳහා විධිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කරමින් අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමෙන් මෙම උපදේශන ආරම්භ විය. මෙම අවබෝධතා ගිවිසුම, අන්‍යෝන්‍ය වැදගත්කමක් ඇති ක්ෂේත්‍රයන්හි සම්බන්ධතා තවදුරටත් පුළුල් කිරීම සහ ආයතනික සබඳතා ශක්තිමත් කිරීම සඳහා දෙරටේම පොදු කැපවීම පිළිබිඹු කරයි.

ශ්‍රී ලංකා දූත පිරිසට විදේශ ලේකම් අරුණි රණරාජ මහත්මිය නායකත්වය දුන් අතර, උස්බෙකිස්තාන දූත පිරිසට උස්බෙකිස්තාන ජනරජයේ විදේශ කටයුතු පිළිබඳ ප්‍රථම නියෝජ්‍ය අමාත්‍ය අලෝයෙව් බක්රොම් මහතා නායකත්වය ලබා දුන්නේය.

විදේශ ලේකම් රණරාජ මහත්මිය මධ්‍යම ආසියානු කලාපය සමඟ, විශේෂයෙන් උස්බෙකිස්තානය සමඟ ශ්‍රී ලංකාවගේ සබඳතා පුළුල් කිරීමේ දැඩි අවශ්‍යතාව අවධාරණය කළාය. ආසියාව සහ යුරෝපය සම්බන්ධ කරන උපායමාර්ගික ස්ථානයක් ලෙස උස්බෙකිස්තානයේ වැදගත්කම, එරට සිදුවෙමින් පවතින ආර්ථික පරිවර්තනය සහ කලාපීය සම්බන්ධතාව හා ඒකාබද්ධතාව සඳහා උස්බෙකිස්තානය ලබාදෙන වර්ධනය වන දායකත්වය ඇය මෙහිදී අගය කළාය. වර්තමාන ද්විපාර්ශ්වික සබඳතාවල ප්‍රගතිය සමාලෝචනය කිරීමටත්, අන්‍යෝන්‍ය වැදගත්කමක් ඇති කරුණු පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමටත්, නව සහයෝගීතා අවස්ථා හඳුනා ගැනීමටත් මෙම උපදේශන වැදගත් වේදිකාවක් විය.

වැඩිදියුණු කළ සහයෝගීතාව සඳහා ඉහළ විභවයක් සහිත ක්ෂේත්‍ර ලෙස වෙළෙඳාම, සංචාරක කර්මාන්තය, ප්‍රවාහන හා සැපයුම් සේවා සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍ර, ‍මෙම සාකච්ඡාවලදී දෙපාර්ශ්වයම විසින් හඳුනා ගනු ලැබිණි. ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් කිරීමේ වැදගත්කම අවධාරණය කළ දෙපාර්ශ්වය, ද්විපාර්ශ්වික වෙළෙඳාම විවිධාංගීකරණය කිරීම, වෙළෙඳ පරිමාව ඉහළ නැංවීම සහ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළහ.

අධ්‍යාපනික සහයෝගීතාවේ වැදගත්කම පෙන්වා දුන් විදේශ ලේකම් රණරාජ මහත්මිය, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාව සහ උස්බෙකිස්තානය අතර පවතින ඓතිහාසික සබඳතා සිහිපත් කළාය. විශේෂයෙන්ම වෛද්‍ය හා ඉංජිනේරු අධ්‍යාපනය සඳහා එවකට සෝවියට් සංගමයට අයත්වූ උස්බෙකිස්තානයේ අධ්‍යාපන ආයතනවල ශ්‍රී ලාංකික සිසුන් විශාල පිරිසක් උසස් අධ්‍යාපනය හදාරා ඇති බව ඇය සඳහන් කළාය. එමෙන්ම දෙරට අතර ශාස්ත්‍රීය හුවමාරු සහ අධ්‍යාපනික හවුල්කාරිත්වයන් යළි සක්‍රීය කර පුළුල් කිරීමේ වැදගත්කම ද ඇය අවධාරණය කළාය.

සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පවතින විශාල හැකියාව පිළිබඳව  දෙපාර්ශ්වය පිළිගත් අතර, උස්බෙකිස්තානයේ සිට ශ්‍රී ලංකාව වෙත සෘතුමය චාටර් ගුවන් සේවා ආරම්භ වීම සංචාරක ගමනාගමනය සහ ජනතාව අතර සම්බන්ධතා වර්ධනය කිරීමට දායක වන ධනාත්මක වර්ධනයක් ලෙස පිළිගත්තේය. එම සන්දර්භය තුළ, 2026 සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත මධ්‍යම ආසියාවේ විශාලතම සංචාරක ප්‍රදර්ශනය වන ටෂ්කෙන්ට් ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනයට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියට සහභාගී වන ලෙස ආරාධනා කරන ලදී.

දේශපාලන උපදේශනවලට සමගාමීව, විදේශ ලේකම් රණරාජ මහත්මිය උස්බෙකිස්තාන ජනරජයේ ආයෝජන, කර්මාන්ත හා වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය ෂොක්රුක් කේ. ගුලාමොව් මහතා සමඟ ද සාකච්ඡා පැවැත්වූ අතර, ද්විපාර්ශ්වික වෙළෙඳාම පුළුල් කිරීම හා විවිධාංගීකරණය කිරීම සඳහා ඉලක්කගත හා ප්‍රායෝගික ක්‍රියාමාර්ග සකස් කිරීමට එකඟ විය. ඇඟලුම් නිෂ්පාදනය, තේ ඇසුරුම්කරණය, මුහුදු ආහාර අපනයනය සහ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව පිළිබඳ මෙහිදී  විශේෂ අවධානයක් යොමු කෙරිණි.

විදේශ ලේකම් රණරාජ මහත්මිය උස්බෙකිස්තාන ජනරජයේ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය අවාස් කරිමොව් මහතා, උස්බෙකිස්තාන වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති සහ උපදේශක ආචාර්ය අලිෂර් ෂයිකොව් සහ උස්බෙකිස්තාන සංචාරක කමිටුවේ නියෝජ්‍ය සභාපති සන්ජාර් ටජ්ජිව් යන මහත්වරුන් හමුවී ක්‍රීඩා, වෙළෙඳාම හා ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමේ අවස්ථා පිළිබඳව සාකච්ඡා කළාය.

2027 වසරේදී කොළඹදී දෙවන දේශපාලන උපදේශන වටය පැවැත්වීමට දෙපාර්ශ්වය එකඟ වීමත් සමඟ මෙම උපදේශන අවසන් වූ අතර, නිරනතර සංවාද පවත්වාගෙන යෑම සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ඉදිරියට ගෙන යෑම පිළිබඳ ඔවුන්ගේ පොදු කැපවීම නැවත තහවුරු කරන ලදී.

ශ්‍රී ලංකා දූත පිරිසට අග්නිදිග සහ මධ්‍යම ආසියා කලාප අංශයේ අධ්‍යක්ෂ ජනරාල් චමරි රොද්‍රිගෝ මහත්මිය සහ මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදේශක මිහිරාවි දිසානායක මහත්මිය ද ඇතුළත් වූහ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ

2026 ජූලි 13 වැනි දින
 

Sri Lanka and Uzbekistan Launch New Framework for Enhanced Bilateral Cooperation through Inaugural Political Consultations

 

Sri Lanka and Uzbekistan Launch New Framework for Enhanced Bilateral Cooperation through Inaugural Political ConsultationsSri Lanka and Uzbekistan Launch New Framework for Enhanced Bilateral Cooperation through Inaugural Political ConsultationsSri Lanka and Uzbekistan Launch New Framework for Enhanced Bilateral Cooperation through Inaugural Political ConsultationsSri Lanka and Uzbekistan Launch New Framework for Enhanced Bilateral Cooperation through Inaugural Political ConsultationsSri Lanka and Uzbekistan Launch New Framework for Enhanced Bilateral Cooperation through Inaugural Political Consultations
Show as Media Release on Homepage