මියන්මාරයේ සහ තායිලන්තයේ අද දින ඇති වූ භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ගේ ඛේදනීය තත්ත්වය සමඟ ශ්‍රී ලංකාව එක්ව සිටියි. ආදරණීයයන් අහිමි වූවන් වෙනුවෙන් අපගේ ශෝකය පළ කරන අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.
සුපරික්ෂාකාරීව සිටින ලෙසත් යැන්ගොන් නුවර සහ බැංකොක් නුවර පිහිටි අදාළ ශ්‍රී ලංකා තානාපති කාර්යාල සමඟ සම්බන්ධ වී සිටින ලෙසත් තායිලන්තයේ සහ මියන්මාරයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් අමාත්‍යාංශය ඉල්ලා සිටියි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ

