
ජෝර්දාන හෑෂමයිට් රාජධානියේ රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා නව දිල්ලි නුවර සිටින ජෝර්දාන හෑෂමයිට් රාජධානියේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස යූසෙෆ් මුස්තාෆා අබ්දෙල්ගානි මැතිතුමා පත් කර තිබේ. එම මහතා 2025 ජූලි 24 වැනි දින පෙ.ව.9.30ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමා වෙත අක්තපත්‍ර පිළිගන්වන ලදී.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2025 ජූලි 24 වැනි දින




